මේ දවස්වල කුඩා ළමයි අතර ජනප්‍රිය නාට්‍යයක් තමයි හිරු නාලිකාවේ විකාශනය වෙන හඳයා ටෙලි නාට්‍යය. මේ නාට්‍ය හදල තියෙන්නේ සිංහල සිනමාවේ ස්වර්ණ ලකුණු තැබු හඳයා චිත්‍රපටය ආශ්‍රයෙන්. මෙහි එන අපූරු චරිතයක් තමයි මීනා කියන්නෙ . මිනා ට පණ දෙන සොඳුරු රුවැත්තිය අපට මතක හිතෙන විදිහට හමුවෙන්නෙ සිරිපැරකුම් චිත්‍රපටයේ කළු එතනා කියන චරිතය හරහා. නමින් ඇය සිනෙති. සිනෙති ඊට පස්සෙ වැඩිපුර ආදරණීය මතක සටහන් තියනවා සෝමරත්න දිසානායකගේම තවත් චිත්‍රපටයක් වුන සරිගම හි ඕලු කියන චරිතය හරහා. ඕලු කියන චරිතය තුළත්, කළුඑතනා චරිතය තුළත් ඇය වෙනස් ම කෝණ දෙකක අපුරු රංගන හැකියාවන් ඔප්පු කරල පෙන්වනවා. ඇගේ දිගු වරලසත් එක්ක ඇගේ තියෙන රූ සොබාව පිළිබඳ කතා කළ යුතුමයි. බොහෝ දෙනෙක්ගේ අදහස ඇය වඩාත් ගැළපෙන්නෙ පුංචි තිරයට වඩා රිදී තිරයට කියල. මේ වන විට චිත්‍රපට හතකට සිනෙති සිය දායකත්වය දක්වලා තියෙනවා . සේයා, රන්සයුර, රන්දෝණි ඇය රඟපෑ සිනමා නිර්මාණ කිහිපයක් . ඇගේ අරමුණ සිනමාවේන්ම ඉදිරි ගමනක් යන්න කියලයි ඇය කියන්නෙ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments