දෙනුවන් කියන්නෙ නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක් . රංගන ශිල්පියෙක් කිව්වට ප්‍රහසන රංගන ශිල්පියෙක් . ප්‍රේක්ෂකයන් හිනස්සන හැමෝටම බෑ . හැබැයි දෙනුවන් ඒ අතින් නම් ඉන්නෙ ඉහළින්ම. නිවේදන කාර්‍ය තුළ වුනත් දෙනුවන්ගෙ මේ හැකියාව කැපිල පෙනෙනවා. හැබැයි දෙනුවන් දකින්නට හැකි වෙන්නෙ සීමිත නිර්මාණ කිහිපයක. ඒකට හේතුව විදිහට දෙනුවන් කියන්නෙ ලැබෙන අවස්ථා කොච්චර තිබුණා වුනත් තමන් රසය විකුණන නිසා ඒක හරියට සාධාරණ ව කෙරෙන්න ඕන කියල. ඒකට හොඳම උදාහරණයක් තමයි දෙවෙනි ඉනිම. දෙවෙනි ඉනිමේ දෙනුවන් දායකත්වය දක්වන චරිතය උප ප්‍රධාන චරිතයක් වත් නෙවෙයි. හැබැයි ඒ නාට්‍යයේ වඩාත් ජනප්‍රිය චරිතයක් බවට දෙනුවන් තමන්ගේ චරිතය පත් කරල තියෙනවා. ඒ තමයි දෙනුවන්ගෙ හැකියාව . තමන් විශ්වාස කරල ලබා දෙන සියළු අවස්ථා සඳහා උපරිමය දෙන්න දෙනුවන් ක්‍රියාත්මක වෙනවා. ආ තව ආරංචියක් . තව ටික දවසකින් දෙනුවන් අප්පච්චියෙක් වෙනවානේ. ඒ දරු හීන අතරේ ඔහුගේ හීනය සිනමාවට තාරකාවියක් දෙන්න ලු. සුබ පැතුම් දෙනුවන්

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments