මාතර හක්මණෙ ඉඳලා කොළඹ ආව එක්තරා තරුණයෙක් සිංහල සිනමාවේ ජව සළකුණු පෙන්වමින් සිටිනවා. නමින් ඔහු දිනෙත් ද සිල්වා. නම ඇසු සැණින් මැවෙන දේහධාරි නිරුපණ ශිල්පියා . රොසෑන් ඩයස් හා ඉන්දියානු ජාතික නිරූපණ ශිල්පියෙකු වන ප්‍රසාද් කන්දප්පා යටතේ නිරූපණය පිළිබඳව හදාරණ දිනෙත් මියුසික් වීඩියෝ හරහා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. සිනමාවේ සිහින ⁣දකින මේ අපූරු තරුණයා චත්‍ර වීරමන්ගේ ආලෝකෝ උදපාදී හි උත්තිය ලෙසහිතට දැනෙන රංගනයක නිරත වෙන අයුරු ඔබ දකින්නට ඇති. මහේන්ද්‍ර පෙරේරා හා අනෝජා වීරසිංහ යටතේ රංගනය ගැන හදාරණ දිනෙත් පැණි මකුළුවෝ, කන්දක් සේමා, ෆේස් ටු ෆේස් චිත්‍රපට වලට සිය දායකත්වය මේ වන විට ලබා දිලා තියෙනවා . ඒ වගේම තවත් දැවැන්ත සිනමා නිර්මාණයක් වන යශෝදරා වෙනුවෙන් දායකත්වය දිපු දිනෙත් සංහල සිනමාවේ තවත් දැනෙන හැරවුම් ලක්ෂයක් වෙයි කියලයි Movies.lk අපේ බලාපොරොත්තුව.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments