අමායා කියපු නම කරළියට ආවේ අධිකාරි කියන නමත් එක්ක. මතක නම් අතුල අධිකාරි ගායනා කළ ඊමේල් කවිකාරියේ ගීතය එහි අතුල එක්ක නර්තන අංගය ඉදිරිපත් කරපු යෞවනිය. ඇය අමායා. නමුත් අතුල අධිකාරිගේ දෙවන විවාහයත් එක්ක ඇය අමායා අධිකාරි වෙනවා. ඒ සමඟ මිනිස්සු ඇය ගැන කතා වෙන්නෙ අතුල සහ ඇය අතර යම් දුරස්ථ භාවයක් ඇති වු පසුයි. ඒ සමඟම ඇගේ රංගන හැකියාවත් අපුරුවට සමාජ ගත වෙමින් තියෙනවා . සල්සපුනා ටෙලි නාට්‍ය ඇගේ ප්‍රතිභාවට හොඳ නිදසුනක් . අමායා සිනමාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් ආරංචියක් තියෙනවා . හැබැයි ඇය සිනමාවට එනවා කියන්නෙ තවත් සිනිබෝල පෙම්වතියකට වඩා එහා දෙයක් කරන්න පුළුවන් කියල තමයි Movies.lk අපි හිතන්නේ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments