තිමානි නයනතාරා වික්‍රමාරච්චි එහෙම නැත්නම් දෙව්මි ගැන මේ දවස්වල වැඩිපුර කතාවෙනවා. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය එක්ක ජනප්‍රියත්වයට පත් වුනත් නයනතාරා ගේ ගමන ආධුනිකම නැහැ. සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයේ හා මද්දුම බණ්ඩාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නයනතාරා මේ දවස්වල මේට්රෝ කැම්පස් එකෙ ව්‍යාපාර අධ්‍යනය පිළිබඳව වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නෙ. මායා ශක්ති රංගන පාඨමාලාව ට සම්බන්ධ වීමත් එක්ක 2015 වර්ෂයේ දී මීදුමෙන් එහා ටෙලි නාට්‍ය හරහා කලා ක්ෂෙත්‍රයට එන නයනතාරා එරන් ලන්දු, සමනළුන්ට එන්න කියන්න , ප්‍රාණ , දෙවෙනි ඉනිම කියන ටෙලි නාට්‍ය වලත්, සිනෙමා, එක දවසක අපි, රෝහණ විජේවීරගේ කතාව කියන චිත්‍රපට වලත් රංගනයෙන් එකතු වෙලා තියෙනවා . ඒ වගේම ඇගේ වයස හොයන රසිකයන් ඉන්නවා නම් ඇගේ වයස හදා ගන්න අපි උපන්දිනය කියන්නම්. ඒ 1998 අවුරුද්දේ ජනවාරි 22. ඒ කියන්නෙ නයනතාරා තාම ඉන්නෙ භද්‍ර යෞවනයේ.

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

 

 

Comments