ලංකාවේ නිළියෝ අතර හොඳ නැට්ටුකාරියෝ කිහිප දෙනෙක්ම ඉන්නවානේ. ඒ අතර හොඳ නැට්ටුකාරියක් ගැන තමයි අද Movies.lk හෙළිදරව්ව. නැටුම් ගුරුවරියක් වෙන්න හීන දැකපු නිරෝෂා තලගල අසේල ප්‍රියදර්ශනගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ වෙළඳ දැන්වීම් නිරූපණයට යොමු වෙන්නෙ අසේල ගේ මඟ පෙන්වීම එක්කම. ඒ සමඟම පුංචි තිරයේ හෙමින් ගමනක නමුත් ස්ථාවර තැනක රැදෙමින් නිරෝෂා තලගල ⁣ඉන්නවා කියන එක නිවැරදියි. තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණත්වය ඉටු කරන්නට නිරෝෂා උත්සහ කරනවා වගේම ඒ තුළින් ප්‍රේක්ෂක සම්මානයට පාත්‍ර වෙන්නට ත් නිරෝෂා ට හැකියාව තියෙනවා. ඇගේ අද්වීතිය රංගන ප්‍රතිභාවක් දුටු ටෙලි නාට්‍යයක් විදිහට දේවී ටෙලි නාට්‍ය හඳුන්වා දෙන්න පුළුවන්.

මේ වන විට නර්තන කණ්ඩායමක් එක්ක ප්‍රසංග වේදිකාවෙත් හරඹ පාන නිරෝෂා ගැන සිනමාවේ නම් අහන්නට හරි අඩුවෙන්. ආලෝකො උදපාදී හි සෝමා දේවිය ලෙස රංගනය කළ නිරෝෂා ඒ කෙටි රංගනය තුළ චිත්‍රපටය පුරා සෝමා දේවිය සිහි කරන්නට තරම් ප්‍රබල වුනත් තවම මේ අපූරු නැටුම් ශිල්පිනයට සිනමාවේ නම් ඉඩ ලැබෙනවා අඩුයි කියල තමයි කියන්න ඕන. පහුගිය දිනවල විවාහය බිඳ වැටුණ බව ආරංචි ගිනි පැතිරුණ නිරෝෂා ගැන අළුත්ම ආරංචිය නම් ලංකාවට පැමිණි ඇගේ ආදරණීය සැමියා අසේල සමඟින් මේ දිනවල සතුටින් අවුරුදු සමරනවා කියලා තමයි. කෙසේ නමුත් Movies.lk වෙතින් ඔබට සුභ පැතුම් නිරෝෂා.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments