ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේදී ලංකාවේ කොල්ලෙක්ගෙ නමක් කියවෙනවා. ඒ දුලංක ද්වේන්ද්‍ර කියන අවුරුදු විසි තුනෙ තරුණයාගෙ නම. ඒ ඔහුගේ Faded Souls කියන කෙටි චිත්‍රපටය නිසා . මේ දුලංක ගේ තුන්වෙනි කෙටි චිත්‍රපටය . ගැහැණීය , ආදරය, ළමා අපචාර යන සංකල්ප ත්‍රිත්වයේ එකතුවක් වුන Faded Souls තිරපිටපත හා අධ්‍යක්ෂණය දුලංක දේවේන්ද්‍ර ගෙන්. නිෂ්පාදනය දසුන් සූධීර ජයසිංහ . සංස්කරණය සුදේෂ් කුමාරසිංහ, සංගීතය මඳුන් දිසානායක. කලා අධ්‍යක්ෂණය හරේන්ද්‍ර සංජය. වේෂ නිරූපණය වරුණි අපෝන්සු , සහය අධ්‍යක්ෂණය ෂෙහාන් අබේරත්න. මේ චිත්‍රපටය යට රංගනයෙන් රුවින් ද සිල්වා ට්‍රෙසි ජයසිංහ, විශ්මි අංජනා එකතු වෙනවා.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments