උදයකාන්ත වර්ණසූරියගේ විසි එක්වෙන සිනමා නිර්මාණය බන්ධනය හෙට සිට එනම් අප්‍රේල් මස හත් වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලා වල තිරගත වීම ආරම්භ කරනවා. 1930 දශකයේ සිදුවු කතා පුවතක් ලෙසින් දිගහැරෙන මෙහි යාග හෝම, හදි හූනීයම්, දිෂ්ඨී, පිල්ලි, බන්ධන ඇතුළත් සිංහල ජන ජිවිතය හා බැඳි ඇදහිලි විශ්වාස පිළිබඳව කෙරෙන අපූරු විග්‍රහයක් ලෙසින් මේ චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන් . සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ , සුවීනිතා වීරසිංහ , දුලානි අනුරාධා , සහේලි සතරසිංහ, නිල්මිණි තෙන්නකෝන් , රවීන්ද්‍ර යසස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර කැමරා අධීක්ෂණය කේ. ඩී. දයානන්ද ගෙනි. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගේ ද, කතාබහට ලක්වෙන වේෂ නිරූපණය ජයන්තා රණවනගෙන් ද, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස් ගෙන්ද , පසුබිම් සංගීත රටා නඳුන් රත්නායක ගෙන්ද ලැබීම මෙහි අපූර්වත්වය ත්‍රීව්ර කරන්නට සමත්ව තිබෙනවා. පියසීලිලා, ඩිංගිරාල ලා, සුමනාලා, ජයසෝමලා , මැණික් රාල ලා වටා ගෙතෙන බන්ධනය ත්‍රාසය, භීතිය, කුතුහලය සමඟින් CEL මණ්ඩලයේ තිරගත වීම ආරම්භ වෙනවා. එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ ත්‍රාසජනකම චිත්‍රපටය ලෙස හැඳින්විය හැකි බන්ධනය 3D තාක්ෂණය පවතින සිනමා ශාලා වල 3D තාක්ෂණය තුළින් ම ඔබට දකින්නට පුළුවන් .

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments